Thursday, May 12, 2011

බොඳ වූ සිහිනය....

          අප සමාජයේ මිනිසුන් සිහින ලෙස අර්ථ දක්වන්නේ තමන්ගේ ජීවිතයේ ඇති බලාපොරොත්තු සහ ආශාවන් මල්ඵල ගන්වා ගැනීමට දරන උත්සාහයන්ය..ආශාවන් කෙතරම් උසස් මට්ටමේ වුවත් අධිශ්ඨානය නමැති හුදෙක් සිතේ උත්සහය ගොඩ නගා ගැනීමේ පදනම මත පහලවන සිතුවිලි ඒකාකාරීව තමන්ගේ ආශාව නමැති ඉලක්කය කරා ගමන් කරවයි....
          සමහරක් තමන්ට අවනත නොවන ආශාවන් පසුපස ගොස් මඟකදී එය තමන්ට ඉටු කරගත නොහැකි ආශාවක් බව තේරුම් ගෙන එය අතහැර දමයි..ආශාවන්, බලාපොරොත්තු අතහැර දැමුවත්, තමන්ගේ යටිසිත තුල තැන්පත් වන එම ආශාවන් ජීවිතයේ යම් යම් අවස්ථා වලදී මතකයට නැගේ,,,මන්ද, තවමත් තමන් තුල තමාගේ ආශාව මුදුන්පත් කර ගත හැකිවේ යැයි පවතින දැඩි විශ්වාසය නිසාය...
          ජීවිතයේ හොඳම පරාජය ලෙස මා දකින්නේ, තමන්ගේ ආශාවන් මුළුමනින්ම නැතිවී යාම නොවේ..තම ආශාවන් ඉශ්ට සිද්ධ කර ගැනීමේ මාවතේ බොහෝ දුරක් ගමන් කොට අවසාන ඉලක්කයේ හෙවත් දිනුම් කණුව ආසන්නයේ දී එම සිහින බොඳවී යාම නොහොත් කඩාකප්පල් වීමය...එවිට සිතේ ඇතිවන්නේ,,
"ඇයි මට මෙච්චර දෙවල් ලැබිලත්, අන්තිමේදි ඔක්කොම නැති වුනේ" යන සිතුවිල්ලය...ඒ සිතුවිල්ල තුල ඇතිවන අකීකරු හැඟීම වන්නේ මිහිඹට සිටින හොදම අවාසනාවන්තයා තමා ලෙසය...
          කාලය නමැති ඖෂධය හමුවේ තමන්ත සිතට තරමක සහනයක් ලඟා වුවත්, යටි සිතේ තැන්පත් වන තමන්ගේ "නොලැබීම" නමැති තුවාලය හේතුවෙන් වරින් වර ජීවිතයේ යම් යම් අවස්ථා වලදී කම්පනයට පත්වේ..මෙවැනි අත්දැකීමකදී ලැබෙන අවසාන ප්‍රථිඵලය වන්නේ තමන්ගේ ජීවිතයත වතිනා අත්දැකීමක් මෙන්ම, ජීවිතයේ ලැබීම හා නොලැබීම යන සංකල්පය තේරුම් ගැනීමට හැකිවීමය..එවැන්නකදී කලයුතු වඩාත් සාර්ථකම දෙය වන්නේ, ඉෂ්ට නොවුනු බලාපොරොත්තු ගැන සිත සිතා කල් ගත කරනවා විනා, ලබා ගැනීමට හැකි, පේන මානයේ තිබෙන බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට උත්සාහ දැරීමය..
ජීවිතයේ අපට ලැබෙන බොහෝ දෑ ලැබෙන්නේ අප නොසිතූ විරූ ආකාරයකට හෝ නොසිතූ විරූ අවස්ථාවකදීය....
"බලාපොරොත්තු නොවන දේ බලාපොරොත්තු වන්න"
එවිට ජීවිතයේ ඕනෑම අගයක් තුල ලැබෙන දේ සඳහා වටිනාකමක් ලබාදිය හැක.....